By kamal, 2 නොවැම්බර්, 2022

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අභියෝගයට ලක් කරලා සිරිධම්ම උඩුබුරලා තියෙනවා දැක්ක නිසා සිරිධම්මට මේ ටික මතක් කරලා දෙන්න හිතුවා.. 😊

අංක එක..

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියන උපසම ස්වාමීන් වහන්සේගේ මවිල් ගහක් වත් තරම් වටින්නේ නැති සිරිධම්ම වගේ ගවයෙක් නො හඳුනන එක ගැන කවුරුත් පුදුම වෙන්න එපා..

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ වටිනාකම හඳුනගන්න තරම් මොලයක් සිරිධම්මගේ ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන් සුරාන්තයට පත්වෙන ආශ්‍රමවාසීන් කියන ගව පට්ටියටත් බැරි බව පහුගිය සිදුවීමේ දී අපට දැකගන්න පුලුවන් වුණා..

එනිසා නිතර තමන්ගේ ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන් අමන්දානන්දයට පත් වෙන්න බලන් ඉන්න තමන්ගේ ගව පට්ටියට පොරක් වෙලා ලබන තෘප්තිය අලුත් කරලා දෙන්න තමයි මිනිහා ඔය ඉඳහිට පිස්සුවක් නටලා බලන්නේ..

මොකද ඔහුගේ විරූපී බව, මිහිරි මැර කටහඬ දෑසින් දෙසවනින් ආශ්වාදනය කරලා අනිත් භික්ෂුන් වහන්සේලා ඔහුගේ මේ තුට්ටු දෙකේ සිනහවට, සමච්චල් වලට ගොදුරු වෙලා අයින වෙලා යනවා දකින්න කැමති බව තමයි ඔහුගේ අනුගාමිකයන්ගේ එකම අමන්දානන්දය..

මිනිහා කියවන දේවල් ගැන නම් ඔවුන්ට වැටහීමක් නෑ.. සිත ශූන්‍ය වුණාම රහත්.. අත්මය සමතුලිත වුණාම රහත් වගේ දේවල් කිව්වාම අර කියපු මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරිවුණු ඔවුන් මහ හයියෙන් සාදු කියනවා..  කියන්නේ වචන තේරිලා නෙවෙයි.. අර කියන රාක්ෂ ස්වභාවයට.. විරූපි පෙනුමට.. 😁