පිටිදූවේ සිරිධම්මගේ ඒක පුද්ගල පොර කුකුල් රංගනය..

By kamal, 2 නොවැම්බර්, 2022

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අභියෝගයට ලක් කරලා සිරිධම්ම උඩුබුරලා තියෙනවා දැක්ක නිසා සිරිධම්මට මේ ටික මතක් කරලා දෙන්න හිතුවා.. 😊

අංක එක..

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියන උපසම ස්වාමීන් වහන්සේගේ මවිල් ගහක් වත් තරම් වටින්නේ නැති සිරිධම්ම වගේ ගවයෙක් නො හඳුනන එක ගැන කවුරුත් පුදුම වෙන්න එපා..

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ වටිනාකම හඳුනගන්න තරම් මොලයක් සිරිධම්මගේ ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන් සුරාන්තයට පත්වෙන ආශ්‍රමවාසීන් කියන ගව පට්ටියටත් බැරි බව පහුගිය සිදුවීමේ දී අපට දැකගන්න පුලුවන් වුණා..

එනිසා නිතර තමන්ගේ ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන් අමන්දානන්දයට පත් වෙන්න බලන් ඉන්න තමන්ගේ ගව පට්ටියට පොරක් වෙලා ලබන තෘප්තිය අලුත් කරලා දෙන්න තමයි මිනිහා ඔය ඉඳහිට පිස්සුවක් නටලා බලන්නේ..

මොකද ඔහුගේ විරූපී බව, මිහිරි මැර කටහඬ දෑසින් දෙසවනින් ආශ්වාදනය කරලා අනිත් භික්ෂුන් වහන්සේලා ඔහුගේ මේ තුට්ටු දෙකේ සිනහවට, සමච්චල් වලට ගොදුරු වෙලා අයින වෙලා යනවා දකින්න කැමති බව තමයි ඔහුගේ අනුගාමිකයන්ගේ එකම අමන්දානන්දය..

මිනිහා කියවන දේවල් ගැන නම් ඔවුන්ට වැටහීමක් නෑ.. සිත ශූන්‍ය වුණාම රහත්.. අත්මය සමතුලිත වුණාම රහත් වගේ දේවල් කිව්වාම අර කියපු මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරිවුණු ඔවුන් මහ හයියෙන් සාදු කියනවා..  කියන්නේ වචන තේරිලා නෙවෙයි.. අර කියන රාක්ෂ ස්වභාවයට.. විරූපි පෙනුමට.. 😁

මිනිහා ඒක තව ලස්සන කරන්න කියා හිතාගෙන ඉමල්ෂන් බුදු රැස් මාලාවකුත් දාලා, මහා අසුනක් දරලා, වයිවාරන් මල් වැල් ටිකක් දාලා, පුරාජේරු හැසිරීම් ටිකකුයි, මැර හැසිරීමකුයි දාලා අර යටත් වැසියන් ටික තියන් ඉන්නවා.. උන්ට සිරිධම්ම ලඟ දැනෙන්නෙ දැවන්ත ආරක්ෂාවක්.. රජමැදුරට ආපු යටත් වැසියන් වගේ සිරිධම්ම ගාව උන් ඉන්නේ මහා හීනමානයකින්..

කවුරු හරි නිකම් ප්‍රශ්ණයක් ඇහුවොත්, මරිමෝඩයා, තකතීරුවා වගේ වචන ටිකක් දාලා අර අහපු මිනිහව මානසිකව වට්ටලා පහර දෙනකොට අර යටත් මානසිකත්ව තියෙන සුවච කීකරු වහලුන් ටික ඔහුගේ පොර ස්වභාවය නරඹමින් ඔවුන්ගේ සිත් ඇතුලේ නිර්මාණය වෙලා තියෙන සමන්තභද්‍ර ප්‍රතිරූපය පොලිෂ් කරමින් මානයෙන් උද්දාමයට පත්වෙනවා..

මේ සියවසේ මේ ලක්දිව බිහි වෙච්ච කූටම ආගමික පූජකයා මේ සිරිධම්ම කියන චීවර වේශ ධාරියා.. මිනිහා ආශ්‍රමය කියන සිරියහනට වෙලා මේ චරිතය නඩත්තු කරනවා..

හිටපු ගමන් ලඟ ඉන්න උන්ට සිරිධම්මගේ පරුෂ වචන ස්වභාවය කලකිරුණත් පිළින්දවච්ච වචනය සිහිපත් කරගෙන උන් ඒක යටකරගෙන ක්ෂණයෙන් සිත සනස ගන්නවා..

ඔහුගේ මැර හැසිරීමෙන් උද්දාමයට පත් වන ඔවුන් ඔහුට පෙරළා පහර වදින විට කෝපයට පත්වෙනවා.. මොකද ඒ පාර ඇත්තටම වදින්නෙ සිරිධම්මට නෙවෙයි, උන් මවාගෙන ඉන්න මහා මුනිදු ප්‍රතිරූපයට නිසා.. ඒ ප්‍රතිරූපය නිර්මාණය කරගෙන ඉන්නෙත් ඔවුන්මයි.. එනිසා සිරිධම්මට වදින පහරෙන් ඔවුන් කම්පා වෙනවා.. සැලෙනවා.. කුපිත වෙනවා..

හරියට මරදානේ චොප්පෙ අයියාගේ සහයට එන ඩැනීලා වගේ ඔවුන් අර සිරිධම්මගේ ප්‍රතිරූපය රකින්න මහන්සි වෙනවා.. සිරිධම්ම ඔවුන්ව භාවිතා කරනවා.. ඉඳලා හිටලා මේ වගේ පොර කුකුල් සන්දර්ශණයක් ඒ ගව පට්ටියට ලබලා දෙනවා.. කෙටියෙන්ම කියනවා නම් සිරිධම්ම කියන්නේ ඔවුන්ට හොඳ හෝටලයක්..

මිනිසා ගන්න ආහාර වර්ග හතරෙන් මනසට අවශය මනෝ සංචේතනාවක්, විඤ්ඤාණයට ආහාරයක් වන මේ ද්වේශය මගින් ඔවුන් ලබා ගන්නවා..

ඇත්තටම මම මේ ගොංපස් ගොඩ මේ තරමින් වත් ඇවිස්සුවේ වෙන මොකටවත් නෙවෙයි, ඒ තුල සඟවන්න යන ධර්මය කියන මැණික් කැටය මිනිසුන්ට පෙන්නන්නයි..

ඒ නිසා කිරම විමල ජෝති හාමුදුරුවො වගේම සිරිධම්මව ගාල්ලෙන් කොළඹට ගෙනාපු දායකයන්ගේ හෘද සාක්ෂිය මම ඔබට කියවගන්න පහලින් පින්තූර විදියට දානවා..

සිරිධම්ම මම මේ ඔබටත් කියන්නේ.. Siri Samanthabhadra Arhat Maha Thero

ඔයාට දෙන්න මීට වඩා රහ කෑමක් මං ගාව වහලා අරන් තියන් ඉන්නවා.. වෙලාවක ඔය සිරියහනෙන් නැගිටලා එන්න.. බඩ පිරෙනකම් කන්න දෙන්නම්.. 😁

භාෂාව හරකුන්ටත් තේරුම් ගන්න පුලුවන් විදියට ලියලා ඇති.. මිනිස්සුත් අමාරුවෙන් හරි තේරුම් ගන්න..

පහල පින්තුර වල ඇති ලිපි ඒ ඒ දායකයන් සහ කිරම ස්වාමීන් වහන්සේගේ දෑතින් මම ලබාගත්ත ඒවා..

ඔබත් එක එක අරන් කියවගන්න..

✍️ Kirulapana Dhammawijaya Thero

Pitiduwe Siridhamma

Pitiduwe Siridhamma

Pitiduwe Siridhamma

Pitiduwe Siridhamma

Pitiduwe Siridhamma

උපුටා ගත් මූලාශ්‍රය: Kirulapana Dhammawijaya Thero's post

Comments